Health Tips

දියවැඩියාව

අපි ජීවිතේ හොඳ පුරුදු වලට වලට වඩා වැඩියෙන් නරක පුරුදු වලට ඉක්මනට ඇබ්බැහි වෙනවා..එහෙම ඇබ්බැහි වුනාම ඒවාගෙන් ගැලවෙන්න අපිට ලේසි නැහැ.මේ ලෝකේ වැඩි දෙනෙක් හරි ඉක්මනින් ඇබ්බැහි වෙන නරක පුරුද්දක් තමයි සීනි කියන්නේ.හිතන්න අපි අයිස්ක්‍රීම් එකක් එක්ක සලාදයක් තියලා තිබුණොත් අපි තෝරගන්නේ අයිස්ක්‍රීම් එක නේද.අපි දැන් මේකේ විද්‍යත්මක හේතුව පැත්තට හැරෙම.

සීනි කියන්නෙ කාබෝහයිඩ්‍රේට් අණු විශේෂයකට.ග්ලුකෝස්,පළතුරු වල තියෙන ෆැක්ටෝස්,කිරිවල තියෙන ලැක්⁣ටෝ්ස් වගේම සැකසු සීනී නැත්නම් සුක්‍රෝස් කියලා තියෙන සීනි වල විවිධ ආකාර වලින් සුක්‍රෝස් කියන්නේ අපි එදිනෙදා ගන්න ගොඩාක් පැණිරස ආහාර වල ප්‍රධාන සංඝටකයක් වෙනවා.සුක්‍රෝස් අපේ මොළයේ ඩොපමයින් කියන රසායනය මුදාහරින්න ලොකු හේතුවක් වෙනවා.මේ ඩොපමයින් අවශ්‍යය ප්‍රමාණයට වඩා මුදා හැරියාම වෙන්නේ ඒවා මුදාහරින්න හේතු වුන දේවල් වලට අපි වැඩි පුර ආස වෙන එකයි.අන්තිමට අපි ඒ දේවල් වලට ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා මේ ඩොපමයින් වැඩිපුර මුදාහරිනන හේතු වෙන තවත් ප්‍රධාන දෙයක් වෙන මත්ද්‍රව්‍ය අතරින් කෝකේන් වලටත් වඩා වේගයෙන් අපි සීනි වලට ඇබ්බැහි වෙනවා කියලාත් හොයාගෙන තියෙනවා.

ඉතිං අපි සීනි වැඩිපුර ආහාරයට ගත්තාම මොකද් වෙන්නේ කියලා බැලුවොත් අපි වැඩිපුර සීනි ආහාරයට ගත්තාම වෙන්න පුළුවන් දරුණුම දේ තමයි අපි තව තවත් සීනි වලට ඇබ්බැහි වෙන එක.ඒ වගේම හදවත් රෝග,අධි රුධිර පීඩනය,බර වැඩි වීම,ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම වගේම විශාදය හා කාංසාව පවා ඇති වන අවධානමක් අධකි සීනි පරිභෝජනයේ තියෙනවා.

ඔබ සීනි වලට වැඩිපුර ඇබ්බැහි වුන කෙනෙක නම් ඔබට සීනි එකපාර අත්අරින්නත් අමාරු වෙනවා.අධික තෙහෙට්ටුව,තාවකාලික හිසරදය වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්.ඉතිං සීනි කියන දේ ඉක්මනින් ඇබ්බැහි වෙන්න පුළුවන් වගේම ලේසියෙන් ගැලවෙන්න බැරි නරක පුරුද්දක් කියලා දැන් ඔයාලාට තේරෙනවා ඇති.

ඇත්තටම අපි පරිස්සම් වෙන්න ඕන සැකසු සීනි නැත්තම් සුක්‍රෝස් වලින්.සීනි පරිභෝජනය අඩු කරන්න අපිට කරන්න පුළුවන් දේවල් තමයි තේ, කෝපි වගේ දේවල් වලට යොදන සීනි ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු කරන එක වගේම .
සැකසු ආහාර වලින් ඈත් වෙලා අඩු මේද ප්‍රෝටීන ආහාර වර්ග වෙන මාලු, හම රහිත කුකුල් මස්, චීස්, යෝගට් හා ධාන්‍ය වර්ග ආහාරයට එකතු කරගන්න පුළුවන්.තව සුදු සහල්, තිරිඟුපිටි වලින් සකස් කරපු ආහාර වෙනුවට රතු සහල් , පූර්ණ ධාන්‍යමය ආහාර වලට මාරු වෙන එකත් ගොඩාක් හොඳයි.
ඒ වගේම බෝතල් කල බීම වෙනුවට, තැඹිලි හෝ කුරුම්බා වතුර නැත්තම් නිවසේදී සකස් කරගන්න පළතුරු යුෂ පානය කරන්නත් පුළුවන්.

ඇත්තටම ඔයා හොඳින් ක්‍රියාශීලී හා නිතිපතා ව්‍යායාම්වල නිරත වන කෙනෙක් නම්, ඔයාගේ ආහාරයේ ඇති සීනි වලින් කොටසක් මාංශ පේශි සහ මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා උපකාරී වෙනවා.ඒ නිසා ඔබ නිතිපතා ව්‍යායාම වල යෙදිලා කලින් කියපු විදියට ආහාර පාන ගැන සැලකිලිමත් වෙනවා නම් සීනි කියන්නේ ඔයාට තව දුරටත් නරක පුරුද්දක් නෙවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *